News Line| Off Air
Generic placeholder image

May
4

මත්කුඩු වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් හදුන්වාදුන් දුරකථන අංකයට ඇමතුම් 14,000 ක්

1134 Views


මත්කුඩු වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් හදුන්වාදුන් දුරකථන අංකයට ඇමතුම් 14,000 ක්

මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සදහා හදුන්වාදී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000 ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

මේ අතර කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ඇදිරි නීතිය පැනවීමෙන් පසු රට තුළ මත්කුඩු හිගයක් මතුවීම හේතුවෙන් හෙරොයින් ග‍්‍රෑමයක මිල රුපියල් 7000 සිට 10,000 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය සදහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

ඇදිරි නීතිය පැනවීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය විසින් 0710 301 301 යන දුරකථන අංකය හදුනාදෙනු ලැබුවේ මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට උපකාර කිරීම සදහායි.

එමගින් උපදේශන සේවාවන්ද සැපයෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post