News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
4

අගමැති හා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක් අද

629 Views


අගමැති හා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්  අද

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද(04) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විටත් දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව වාර්තා වෙයි


News Articles
Latest Videos
Most Popular Post