News Line| Off Air
Generic placeholder image

May
4

මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව අද සිට

465 Views


මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව අද සිට

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මැයි මස දීමනාව ගෙවීම අද(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.

වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත.

මෙම කණ්ඩායම්වලට අයත් මුල්‍ ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව හිමි වෙයි.

‍මැයි මාසය සඳහා විශ්‍රාම ගෙවීම අද ආරම්භ කොට පොහොයට පෙර අවසන් කරන ලෙස ද දන්වා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post