News Line| Off Air
Generic placeholder image

May
4

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ලාංකිකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

589 Views


බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ලාංකිකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන විත් තිබේ. එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානය අද අළුයම 03.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූ බව අප සියත ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය.

ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකු ලන්ඩන් නුවර හීතෲ ගුවන් තොටුපළේ සිට මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙවන විශේෂ ගුවන් යානයද අද අළුයම 04.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසුවේය.

එම යානය අද පෙරවරු 10.40 ට එරටට ළඟා වීමට නියමිතයි.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 3 ක් සංවිධානය කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post