කොරෝනා ආසාදනයෙන් අද (05) දිනයේ මිය ගිය කාන්තාව මසක පමණ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ඊයේ(04) රාත්‍රීයේ දී ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව අද(05) අලුයම 1 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්තාකර ඒකකයට ඇතුළු කළා.
ඒ අනුව අද දහවල් 12.50ට පමණ මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය මෙය වන අතර මිය ගිය දෙවන කාන්තාවන් ද වනවා.
ඇය මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ ව්‍යෛ අනිල් ජාසිංහ මහතා පැවසුවා.
මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේ දී මෙරට 8 වන කොරෝනා මරණය වාර්තා වු අතර, එම කාන්තාව කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්.