News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

අද දින මිය ගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීපතමයින් 15ක් නිරෝධායනයට

810 Views


අද දින මිය ගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීපතමයින් 15ක් නිරෝධායනයට

කොරෝනා ආසාදනයෙන් අද(05) දිනයේ මිය ගිය කාන්තාව වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සමීපතමයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රී මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය අද අළුයම අයි.ඩි.එච්.රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අද දහවල් අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවු නව වන මරණය මෙයයි.

කොරෝනා ආසාදනයෙන් මෙලෙ මිය ගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක්.


News Articles
Latest Videos
Most Popular Post