News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
5

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක් නිරෝධායන කෙරේ

816 Views


බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක් නිරෝධායන කෙරේ

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.මාලින්ද ජයවර්ධන මහතා පැවසුවා.

නිවාස නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව එම පුද්ගලයා සමීපව ඇසුරු කළ 30 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post