පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මුස්ලිම් දේවස්ථානයකට සහ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මූලස්ථානයකට මුද්‍ර තබා තිබේ.
අදාළ මුස්ලිම් දේවස්ථානය කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුට අයත් දේවස්ථානයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 03 වන දා අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන ඊයේ(04) දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.
මුන්දලම පොලිස් වසමේ මදුරංකුලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලැබු පුහුණු මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දී සොයා ගනු ලැබීය.
එහි තිබී සැකකටයුතු පොත් පත් හා ලිපි ලේඛන ගණනාවක් සොයා ගෙන තිබේ.