News Line| Off Air
Generic placeholder image

May
5

ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් නැහැ

864 Views


ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් නැහැ

ජුනි 1 වන දා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද එම නිවේදනයේ සදහන්.

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර තිබෙනවා.

එහෙත් මෙම ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත් අධ්‍යාපන බලධාරියෙකුට හෝ වෙනත් අධ්‍යන ආයතන ප්‍රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Cඔවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වන්නටත් පෙර, මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයකට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළ බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පලාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළා.


News Articles
Latest Videos
Most Popular Post