News Line| Off Air
Generic placeholder image

May
6

රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට තවමත් අවසර නෑ

804 Views


රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට තවමත් අවසර නෑ

ඊයේ දින (05) සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් වැරදි අවබෝධයක් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දැනට පොදු මහජනතාව වෙත ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පමණක් කිසිසේත්ම ඉහතින් සඳහන් කරන ලද ආයතන යලි විවෘත කිරීමේ අවස්ථාවක් ලබා දී නොමැත.

රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.

එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු (Check list) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.

එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

(වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා – (0717723232) -නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය, ඇමතීමෙන් වැඩිදුර පැහැදිලි කරගැනීමට අවශ්‍ය විස්තර ලබාගත හැකිය )


News Articles
Latest Videos
Most Popular Post