පවතින තත්ත්වය සලකා බලා මැයි මස 11 වනදා සිට ඇඳිරි නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද(06) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ග්‍රාම නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා මාසික අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
ඉදිරි සතිවලදී මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සදහන්.
වසමක් සඳහා ඉන්ධන දීමනාව මසකට රුපියල් 450 ක් ද, අමතර වසමක රාජකාරී සිදු කරන්නේ නම් වසම් දෙකම සඳහා රුපියල් 600 ක් ද සන්නිවේදන වියදම් දීමනාව එක් වසමක් සඳහා රුපියල් 1000 ක් හා වසම තුළ ගමන් වියදම් දීමනාව එක් වසමකට රුපියල් 1200 ක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.