News Line| Off Air
Generic placeholder image

May
6

අද රාත්‍රි 8 සිට 11 වනදා දක්වා දිවයිනටම ඇඳිරි නිතිය

1134 Views


අද රාත්‍රි 8 සිට 11 වනදා දක්වා දිවයිනටම ඇඳිරි නිතිය

අද (06) රාත්‍රි 8.00 සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නිතිය පැනවේ. පනවනු ලබන ඇදිරි නිතිය මැයි මස 11 වන සදුදා අළුයම 5 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇදිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත් කිරිම මැයි මස 11 වන සදුදා ආරම්භ කිරිමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්ක වල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන 11 වන සදුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බවයි ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජකාරි සදහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

මහජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් වන අතර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සදහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.

පොලිසිය විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණක් බවද එම අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post