තම මෝටර් රථය තුළ සිටම චිත්‍රපට හා ප්‍රසංග නැරඹීමට චෙක් ජනරජයේ වැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා.
චෙක් ජනරජයේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ නීතිරීති ලිහිල් කිරීමට බලධාරීන් මෙම පියවර ගත් බව සදහන්.
එහි ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ තුළ සිටම චිත්‍රපට හා වෙනත් ප්‍රසංග නැරඹීමට ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා.
ඩ්‍රයිව් ඉන් තියටර් නැමති මේ ක්‍රමයට චිත්‍රපට හා වෙනත් වැඩසටහන් නැරඹීමට එරට වැසියන්ද දක්වන්නේ දැඩි කැමැත්තක්.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිනමා ශාලා හෝ එවැනි වෙනත් පොදු ස්ථාන මහජනතාවට තහනම් ප්‍රදේශ බවට පත්ව ඇති අතර එවැනි පසුබිමක් තුළ මේ අයුරින් හෝ චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව හිමිවීම මනසට වඩා හොඳ බව බොහෝ දෙනෙකුගේ අදහසයි.
සිනමාශාලාවලදී මෙන්ම මෙලෙස චිත්‍රපට හා ප්‍රසංග නරඹන පුද්ගලයන්ටත් පොප්කෝන් වැනි කෙටි ආහාර පාන මිලදීගැනීමට අවස්ථාව හිමිවන බව සඳහන්.
දර්ශන වාරයක් අවසානයේ සතුට හා ස්තූතිය පල කරමින් වාහනවල නලා නාද කිරීමටත් නරඹන්නන් කටයුතු කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් පොදු ස්ථානවල කණ්ඩායම් ලෙස ඒකරාශී වීමට එරට බලධාරීන් අවසර ලබාදී ඇත්තේ උපරිමය 10 දෙනෙකුට පමණයි.
චෙක් ජනරජයෙන් මේ වන විට කොවිඩ් වෛරස ආසාදිතයන් අටදහසකට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතත් දෛනිව වාර්තාවන ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා.
සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ නීතිරීති ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි.