කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩාල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ විශාල පිරිසකට පාන් නොමිලේ බෙදා දීමර එරට රජය පියවර ගෙන තිබෙනවා.
එහි පළමු අදියර ලෙස කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදා දීමරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව එක් දිනකදී නාන් වර්ගයේ පාන් 10 ක් එක් පවුලකට හිමිවනවා.
භාණ්ඩ මිල ගණන් ඉහළ ගිය අනෙකුත් ප‍්‍රදේශ සහ නගර වලටද නොමිලේ පාන් බෙදාදීමට කඩිනමින් කටයුතු කරන බව එරට බලධාරීන් පවසනවා.
ඇෆ්ගනිස්ථානයේ මේ වන විට කොවිඩ් 19 ආසාධිතයින් 3224 ක් වාර්තා වන අතර වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 95 ක්.