News Line| Off Air
Generic placeholder image

May
8

මාස දෙකකින් පසු ඉතාලියේ දේව මෙහෙයන් 18 දා සිට අරඹයි

804 Views


මාස දෙකකින් පසු ඉතාලියේ දේව මෙහෙයන් 18 දා සිට අරඹයි

ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන 18 වනදා සිට දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිතවේද ක‍්‍රමවේදයන් යටතේ ඇරඹීමට රජය හා ආගමික නායකයන් අතර එකගතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙහිදී දේවස්ථාන තුළ දුරස්ථභාවය හා විෂබීජහරණය මෙන්ම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරුණක් බවත් සාමය පතා අතට අත දීමත් සත්ප‍්‍රසාද දිවට ලබාදීමත් තහනම් කටයුත්තක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ ඉතාලියේ ඉරුදින පළමු දේව මෙහෙය ලබන මැයි 24 දින පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊයේ දිනය අවසන් වන විට ඉතාලියේ සමස්ථ ආසාධිතයින් 215,858 ක් ද මරණ 29,958 ලෙස වාර්තා වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post