News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

කොවිඩ් 19 වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් බදියුදීන්ගෙන් ජනාධිපතිට ලිපියක්

949 Views


කොවිඩ් 19 වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් බදියුදීන්ගෙන් ජනාධිපතිට ලිපියක්

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩව ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

එම නිසා කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන මළසිරුරු භූමදානය කිරීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post