පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් කාන්තාවන් අන්තවාදයට යොමු කිරීම සඳහා යොදාගත් කාත්තන්කුඩි පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ඊයේ (08) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලට ලක්විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අතරතුරදී සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව මෙම ස්ථානය සෝදීසි කිරීමට ලක්කර ඇති බව සඳහන්.
පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අනුව සැකකරුවන් ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් විමර්ශකයින්ට ලබාදුන් ප්‍රකාශවලට අනුව අන්තවාදී කටයුතු සඳහා යොදාගත් ස්ථාන රැසක්ද හඳුනාගැණුනි.
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවේ පසුවන සැකකරුවෙක් ලබාදුන් තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ කාත්තන්කුඩිය පාලමුණෙයි ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සෝදිසි කරනු ලැබුවේය.
සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම විසින් කාන්තාවන් අන්තවාදයට නැඹුරු කිරීම සඳහා දේශන පැවැත්වූ ස්ථානයක් ලෙස මෙම හෝටලය හඳුනාගෙන ඇති බවයි.