News Line| Off Air
Generic placeholder image

May
9

ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවයි

658 Views


ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවයි

කොවිඩ් 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස් නවසිය හැට ඉක්මවා තිබෙනවා.

වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් ලක්ෂ දසදහස් හයසිය පනස් තුනක්.

යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් රාජධානියේ ගත වූ පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 626 ක්.

ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 31,241 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 243 ක් වාර්තා වීමත් සමඟ ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 30 000 ඉක්මවූ බව විදෙස් වාර්තා සදහන් කළා.

ඒ මරණ 30 000 ඉක්මවූ යුරෝපා සංගමයට අයත් පළමු රට බවට පත්වෙමින්.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 30,201ක්.

ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් කොවිඩ් මරණ 98 ක් වාර්තා වූ අතර කොවිඩ් වෛරසයේ කේන්ද්‍රස්ථාන බවට වරෙක පත්ව තිබූ ඉතාලියෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 243 ක් හා ස්පාඤ්ඤයෙන් 229 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම රුසියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,723 ක්.


News Articles
Latest Videos
Most Popular Post