News Line| Off Air
Generic placeholder image

May
10

හෙට සිට සති 2ක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

1494 Views


හෙට සිට සති 2ක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

හෙට සිට තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස්රථවලින් ප්‍රවාහන සේවා නොසපයන ලෙස අමාත්‍යවරයා අදාල අංශවලට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post