News Line| Off Air
Generic placeholder image

May
11

කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

893 Views


කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද එහි දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙන්.

මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක්.

මේ අනුව දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇති.

අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 24.89ක් ලෙසින් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post