News Line| Off Air
Generic placeholder image

May
11

කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ බිලිගත් ජීවිත සංඛ්‍යාව 80,000 ඉක්මවයි

645 Views


කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ බිලිගත් ජීවිත සංඛ්‍යාව 80,000 ඉක්මවයි

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට එරට මරණ 80,787 ක් සිදුව ඇති අතර එය වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වු සමස්ත මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13න් ලක්ෂ 67,638ක්.

සුවය ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ 56,336ක් ලෙස වාර්තා වනවා.

අමෙරිකාව විසින් කොවිඩ් නයින්ටීන් පරික්ෂණ 94 ලක්ෂ 50,000කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post