News Line| Off Air
Generic placeholder image

May
11

අධිකරණ ඇතුළු රජයේ කාර්යාල අද විවෘත වෙයි

577 Views


අධිකරණ ඇතුළු රජයේ කාර්යාල  අද විවෘත වෙයි

අද සිට අධිකරණ ඇතුළු රජයේ කාර්යාල විවෘතව පවතින බව වාර්තා වේ.

ඇදිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවල අධිකරණ කටයුතු අද සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මීටරයේ දුර තබා ගනිමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාලීය කටයුතු අද සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අත්‍යාවශ්‍ය අය පමණක් කාර්යාලීය කටයුතු සඳහා ගෙන්වා ගන්නා ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට දැනුම් දී ඇති බවයි.

අද දිනයේදී දිවයින පුරා බස් රථ 5500 ක් ධාවනයට යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක මහතා සඳහන් කළේ, කාර්යාලීය වේලාවන්වල පමණක් එම බස්රථ ධාවනයට යොදවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post