News Line| Off Air
Generic placeholder image

May
12

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවයි

590 Views


COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවයි

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබෙනවා.

තලගල මංගලාරාම මහා විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන හිමි රුපියල් ලක්ෂයක්, ශ්‍රී ශාන්තිධාර පානබොක්කේ පදනමේ සභාපති, මහාචාර්ය වෛද්‍ය එස්.කේ. පානබොක්කේ භික්ෂුණින් වහන්සේ රුපියල් මිලියනයක්, හිටපු පළාත් සහා මන්ත්‍රීනි ඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මහත්මිය රුපියල් පනස්දහසක් සහ The Power Guard Security and Investigation Bureau ආයතනය රුපියල් දෙලක්ෂ අටදහස් අටසියයක්, KDA Weerasinghe & Co.(pvt) ltd ආයතනය රුපියල් පනස්දහසක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී සමරතුංග මහතා රු 50,000ක් අරමුදලට ප්‍රදානය කළ බව සදහන්.

Eventistry පෞද්ගලික සමාගම රුපියල් හැත්තෑ තුන්දහසක් සහ Lalan ඉංජිනියරින් පෞද්ගලික සමාගම එක්ලක්ෂ පනස්දහසක් අරමුදලට පිළිගැන්වූවා.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනවා.

දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී සිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබෙනවා.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතිනවා.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතාගෙන් මේ පිලිබද වැඩි විස්තර දැනගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post