News Line| Off Air
Generic placeholder image

May
12

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

1381 Views


ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මිට පෙර එනම් 2018 වර්ෂයේදී පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබු අතර ඒ 2017 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කිරීම හේතුවෙන්.

ඒ සමග හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මගහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගත් අතර අදාළ කාල රාමුව තුළ ශ්‍රී ලංකාව සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස ‘අළු ලේඛනයෙන්’ ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා..

.


News Articles
Latest Videos
Most Popular Post