අවසන් තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4.00ට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
එම අයදුම්පත් අදාළ කාර්යාල, රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත භාරදිමට සහතික කිරීමේ නිලධාරින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බව සදහන්.
අදාළ අයදුම්පත් භාරගැනීම පසුගිය අප්‍රේල් මස 28 වන දිනට යෙදී තිබුණ ද පවතින ඇදිරී නීති තත්ත්වය හමුවේ එම කටයුතු සිදු නොවු බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ සන්ධානගත පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
අද පස්වරු 2.30ට මැතිවරණ කොමිෂන් සභාවේ දී සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.