දිවයින ආශී‍්‍රතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරෝත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල අද රාති‍්‍ර කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලත් අම්පාර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා.