දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන්
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම එපර්තුමේන්තුව සදහන් කරන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී මි.මී.100ක පමණ තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.