News Line| Off Air
Generic placeholder image

May
13

ඉන්දියානු අගමැතිගෙන් ආර්ථික පැකේජයක්

608 Views


ඉන්දියානු අගමැතිගෙන් ආර්ථික පැකේජයක්

කොවිඩ් ආසාදිතයින් 74,000 ක් සහ මරණ 2 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව සඳහා ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත.

අගමැතිවරයා ජාතිය අමතමින් සිය නව සැලසුම් මෙලෙස අනාවරණය කර තිබුණි.

ඉන්දීය රුපියල් ට්‍රිලියන 20ක වටිනාකමකින් යුත් මේ දැවැන්ත පැකේජය යටතේ, කොවිඩ් හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීම අපේක්ෂා කෙරුණි.

මෙම පැකේජය යටතේ, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සදහා ලබාදෙන සහායෙන් ආර්ථික නගාසිටුවීමට කටයුතු කෙරෙයි. මේ අතර අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ලබන 17වැනිදා සිට රට වසාදැමීමේ ක්‍රියාවලිය වෙනත් නීතීන් සහ මුහුණවරක් යටතේ සිදුවනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post