News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

මව්වරුන්ගේ දිනයදා රුපියල් ලක්ෂ 63කට වැඩි තෑග්ගක් අම්මට දීපු දුවෙක්

931 Views


මව්වරුන්ගේ දිනයදා රුපියල් ලක්ෂ 63කට වැඩි තෑග්ගක් අම්මට දීපු දුවෙක්

පසුගියදා මුලු ලෝකයම සැමරූ ලෝක මව්වරුන්ගේ දිනයේ මවකට ලද අරුම පුදුම තෑග්ගක් ගැන විදෙස් මාධ්‍යය අද වාර්තා කරලා තිබුනා. මේ විදිහට අපූරු තෑග්ග ලැබිලා තියෙන්නේ අපේ රටේ කෙනෙක්ටනම් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ අම්මා කෙනෙකුට.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී ජිවත්වෙන මවකට ලෝක මව් වරුන්ගේ දිනය දා දියනිය විසින් ලොතරැයියක් තෑගිකර තිබෙනවා. එම අවස්ථාව ඇය මෙලෙස මාධ්‍යයට වාර්තාකර තිබුණා.

“මම මේසය ළඟ හිටියා. මගේ දුව මට කප් කේක් හදන අතරේ තේ දෙකක් බොමින් සිටියා. මම ටිකට් පත සීරීමට තීරණය කළා,”

මෙලෙසින් සීරූ ටිකට්පතේ දිනුම ලෙස ඇයට ඩෝලර් 32 445ක මුදලක් ලැබී තිබෙනවා. එය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 64කට අධිකයි. මව්වරුන්ගේ දිනය දවසේ තමන්ට දුව ලබා දුන් මෙම තෑග්ග ඇත්තටම අරුම පුදුම බවයි ඇය පවසා තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post