News Line| Off Air
Generic placeholder image

May
13

සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අයනොකෙරේ

550 Views


සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අයනොකෙරේ

සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර මේ වසර සදහා තවමත් ලියාපදිංචි අලුත් නොකළ පුද්ගලයින් සහ ආයතන වලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකියි.

කොරෝනා වසංගතය හේතුවෙන් පිඩාවට පත්ව ඇති සංචාරක ක්‍ෂේත‍්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ කෙටිකාලීන වැඩපිළිවෙලේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post