News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

මැයි මාසය සදහාත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

1890 Views


මැයි මාසය සදහාත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් 5000 දීමනාව මැයි මාසය සදහාත් ලබාදීමේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ යටතේ පුද්ගලයින් 5,144,046 දෙනෙකු සදහා රුපියල් මිලියන 25,720. 24 ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ ආයතන විවෘත කිරීමට නොහැකිවන අවස්ථාවලදී එම ආයතන වසා තැබෙන කාලය තුළ සේවකයන්ට මෙතෙක් ලබාගත් වැටුපෙන් අඩක් හෝ රුපියල් 14,500 ක් යන දෙකෙන් වැඩිම මුදල ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සදහන්.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිතතාව ඇති කිරීම සදහා පෞද්ගලික ව්‍යවසායකයන් සහ වෘත්තීය සමිති යන දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.


News Articles
Latest Videos
Most Popular Post