News Line| Off Air
Generic placeholder image

May
14

ට්‍රම්ප් වැරදියි අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂයත් පනින ලකුණු

3032 Views


ට්‍රම්ප් වැරදියි අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂයත් පනින ලකුණු

පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් පුරෝකතනය කල පරිදි අමෙරිකාවේ කොරෝනා මරණ 80,000 ත් 90,000 ත් අතර ප්‍රමාණයක නවතීවී යන්නයි. නමුත් අද මේ මොහොත වන විට අමෙරිකාවෙන් වාර්තාවෙන කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 85197 ක්.

මේ හේතුව නිසාම දේශපාලන විචාරකයින් ට්‍රම්ප්ගේ පසුගියදා ප්‍රකාශය කිසිදු තොරතුරක් අධ්‍යයනය නොකර කරන ලද ප්‍රකාශයක් ලෙස හදුන්වනවා. ඔවුන් පෙන්වාදෙන්නේ අමෙරිකාව තුල මරණ 85,000 ඉක්මවා තිබීම සහ තවමත් බරපතල තත්වයේ රෝගීන් 16,000 කට අධික සංඛ්‍යාවක් රෝහල්වල සිටින නිසා ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හුදෙක් තම බලවත්කම ප්‍රදර්ශනය කිරීමට පමනක් කියන ලද්දක් බවයි. එමෙන්ම අමෙරිකාව තුල වාර්තාවෙන නව ආසාදිතයන් ප්‍රමාණයවත් වාර්තාගත අඩුවක් නොපෙන්වන කාලසීමවකදී මෙවන් ප්‍රකාශ ජනාධිපතිවරයෙක් ලෙස වගකීමෙන් ප්‍රකාශ කිරීම උචිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්වය මත අමෙරිකාව තුල කොවිඩ් මරණ ලක්ෂයද ඉක්මවීමේ හැකියාවක් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post