News Line| Off Air
Generic placeholder image

May
14

තානාපතිවරුන් 2 ක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපති වෙත වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් අක්තපත්‍ර භාරදෙයි

809 Views


තානාපතිවරුන් 2 ක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපති වෙත වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවක් වන අතර අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගාම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙය වනවා.

COVID- 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර ප්‍රදාන උළෙල කල් දමනවා වෙනුවට කලින් සූදානම් කළ පරිදි පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

මෙය දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගත වී ඇති නව ක්‍රමවේද වලින් එකක්. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කරන අතරතුර සමාජයීය හා ආර්ථික වශයෙන් මෙන්ම දැන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවද එතුමා පවසනවා.

අද පැවති කෙටි උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේ සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර පසුව එතුමා විසින් ඔවුන්ව පිළිගත් බව සදහන්.
අද අක්කපත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් වන්නේ

1.සර්ජියෝ ලියිස් කනේස් මහතා – ශ්‍රී ලංකාවේ බ්‍රසීල සන්ධීය ජනරජයේ තානාපති

2.හෂෙමි අෂ්ජාසාදේ මහතා – ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති

3.ගෝපාල් භාග්ලේ මහතා -ශ්‍රී ලංකාවේ ඉන්දියානු ජනරජයේ මහකොමසාරිස්

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ සහ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post