News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

2161 Views


ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා.

සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලබනවා.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතිනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post