News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

හිටපු ඇමති රිෂාඩ් බදුර්දින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

797 Views


හිටපු ඇමති රිෂාඩ් බදුර්දින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබෙනවා.

කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකියි. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post