News Line| Off Air
Generic placeholder image

May
14

sri lankan මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 31ක දක්වා තවදුරටත් දිර්ඝ කරයි

720 Views


sri lankan  මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 31ක දක්වා තවදුරටත්  දිර්ඝ කරයි

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තිරණය කර තිබේ.

විවිධ රටවල් විසින් ගොලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සිමාවන් අඛන්ඩව ක්‍රියාත්මක වන හෙයින් මෙම අත්හිටුවිම සිදුකර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවධානම් කාල පරිඡේදය තුළ දී පවා ගුවන් සමාගම විදේශ විනිමය තුළින් අත්‍යාවශ්‍ය ආදායමක් රට තුළට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post