News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ෆේස් බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ උපන් දිනය අදයි

714 Views


ෆේස් බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ උපන් දිනය අදයි

ලොව කවුරුත් දන්න ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ 36 වන උපන් දිනය අදට යෙදී තිබෙනවා.

1984 මැයි මස 14 වනදා ඔහු උපත ලැබුවා.

ෆේස් බුක් නිර්මාතෘ ලෙස අප කවුරුත් හදුනන ඔහු ගැන ඔබ මේ දේවලුත් දැන සිටියාද?

ඔහු වයස අවුරුදු 50 ට අඩු ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනාගේ ලැයිස්තුවේ සිටින එක් පුද්ගලයෙක් වනවා.

මාර්ක් වර්ණ අන්ධතාවයෙන් පෙලෙන බවත් මෙම හේතුව නිසා ෆේස් බුක් යෙදුම සහ වෙබ් අඩවිය පුරා නිල් පැහැය දක්නට ලැබෙන බවත් සදහන්.

මාර්ක් සැමවිටම තාක්‍ෂණය පිලිබද විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙක්. ඔහු තම පියාගේ දන්ත ව්‍යාපාරය සදහා වයස අවුරුදු 12 දී “ZuckNet” නමින් ක්‍ෂණික පණිවුඩකරණ වැඩසටහනක්ද ගොඩනගා තිබෙනවා.

තාක්‍ෂණය පිලිබද විශේෂඥයෙකු වන මොහුට ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, හෙබ්‍රෙව්, ලතින්, පුරාණ ගී‍්‍රක සහ මැන්ඩරීන් යන භාෂා 06 කියවීමට සහ ලිවීමට හැකියි.


News Articles
Latest Videos
Most Popular Post