මාරාන්තික කොරෝනා වෛරසය තවත් බොහෝ කලක් ලොව තුළ සංසරණය වීමේ අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් සිදු කරනු ලබනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ මයික් රයන් සදහන් කලේ කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේද යන්න පිලිබදව නිශ්චිත කාලයක් සදහන් කල නොමැති බවත් එම රෝගය මෙලොවින් තුරන් කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දී තිබෙනවා.