ලොවපුරා කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ලොව පුරා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 300,220 ක් බව වාර්තා වනවා.
ලොවපුරා රටවල කොරෝනා ආසාධිතයින් 44,78575 ක් වාර්තා වන අතර කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 16,82872 ක්.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනුයි. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 85,463 ක් සිදුව තිබෙනවා.
අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 14,36516 ක්.
ඒ අනුව අද දින අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 266 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.