News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

ප්‍රවාහන සේවා කළමනාකරණට කාර්ය සාධක බලකායක්

907 Views


ප්‍රවාහන සේවා කළමනාකරණට කාර්ය සාධක බලකායක්

කොරෝනා මෙරටින් තව දුරටත් පාලනය කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන සේවා කළමනාකරණ කිරීම සදහා එනම් සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ඒ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්ය.

කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි මුලිකම අරමුණ බව එහිදී අමාත්‍යවරයා එම බලකාය පත් කරමින් සදහන් කළා. මෙම කාර්ය සාධක බලකාය සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රියසාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරු ද , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද ඇතුළත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post