News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

weather update දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

930 Views


weather update දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බැවින් මේ වන විට දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බව අප වාර්තා කරුවන් සදහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post