ගිනිකොන දිග මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වායුගෝලයේ ඇතිව තිබෙන අඩු පීඩන තත්වය හේතුවෙන් දිවයින වටා සුළගේ වේගය පැ. කි. 40 – 50 අතර වැඩි විය හැකි බවත් එමෙන්ම දකුණ ,බස්නාහිර , සබරගමුව , හා දකුණ පළාත් වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.