News Line| Off Air
Generic placeholder image

May
15

කොරෝනා ආසාදනයේ දෙවන අවස්ථාවක් ගැන අනතුරු ඇඟවීමක්

869 Views


කොරෝනා ආසාදනයේ දෙවන අවස්ථාවක් ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ දෙවන අවස්ථාවකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැක්විමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි.

සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් වෛරසය මැඩපැවැත්විම මේ වන විට යම් සාර්ථකත්වයකට ළඟාවී ඇති බව ද වෛද්‍ය මාරියා වෑන් එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

වෛරසය යළිත් වරක් වර්ධනය වීම පිළිබඳව සාක්ෂි පවතින බව පෙන්වා දෙන වෛද්‍යවරිය දකුණු කොරියාවේ සෝල් හි රාත්‍රි සාමාජ ශාලාවක නව පොකුරක් හඳුනා ගැනිම මීට හොඳම සාක්ෂිය බව ද පෙන්වා දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post