ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශී‍්‍රතව පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ.
දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-50 ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
දකුණ, බස්නාහිර, මධ්‍යම පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සදහන්.
සෙසු පළාත් වල ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.