News Line| Off Air
Generic placeholder image

May
16

අද රාත්‍රී 08 සිට සඳුදා අළුයම 05 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය

710 Views


අද රාත්‍රී 08 සිට සඳුදා අළුයම 05 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය

අද (16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසනවා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ(15) රාත්‍රී 08.00 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අළුයම 05.00 ට ඉවත් කෙරුණා.

කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුරදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා ආරම්භ වූ වැඩපිළිවෙල අද දිනය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා.

ඒ අනුව මැයි 18 වන සඳුදා සිට අදාල වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර ඉදිරියේදීත් නිරෝධායන නීතිරීතිවලට අනුගතව කටයුතු කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post