ඊයේ(15) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් වාර්තා වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
වැසි සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට ජල ගැලීම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.
වැසි ජලය එකතු වීම හේතුවෙන් මාවනැල්ල හා කෑගල්ල ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.
මීට අමතරව කළුතර, ගාල්ල, මාතර, කොළඹ, රත්නපුර, කෑගල්ල, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට ජාතික ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයෑම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ප්‍රදේශවලට නායයෑම් තත්ත්වයක් ඇති විය හැකි බවත්, මිලිමීටර 200 ඉක්මවු වැසි ගාල්ල දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට ලැබී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
කැලණි, කළු, ගිංගඟ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ගංගා දෙපස ජනතාවට දැඩි අවධානයෙන් පසුවෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර තද වැසි පිලිබද විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
