News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

හෙට අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

1106 Views


හෙට අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

ඊයේ(16) රාත්‍රී 8 සිට හෙට සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී.

කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා ආරම්භ වූ වැඩපිළිවෙල ඊයේ දිනය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

හෙට සිට අදාල වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරුණු ආකාරයෙන්ම හෙට සිටද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ඉදිරියේදීත් නිරෝධායන නීතිරීතිවලට අනුගතව කටයුතු කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.


News Articles
Latest Videos
Most Popular Post