News Line| Off Air
Generic placeholder image

May
17

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 56000 ඉක්මවයි

460 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් ගණන 56000 ඉක්මවයි

පසුගිය මාර්තු 20 වන දින සවස 6.00 සිට අද(17) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56,326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ(16) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් 620 ක් හා වාහන 274 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 13,556 ක් පනවා ඇති අතර නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කිරීම් 5221 ක් ද සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි


News Articles
Latest Videos
Most Popular Post