News Line| Off Air
Generic placeholder image

May
17

කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළට

1070 Views


කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළට

ඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 430 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් සියයට 50කට අධික පිරිසක් සුවය ලබා තිබේ.

කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post