News Line| Off Air
Generic placeholder image

May
17

මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම හෙට

650 Views


මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම හෙට

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හෙට(18) සලකා බැලීමට නියමිතව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් හෙට සහ අනිද්දා(19) සලකා බැලීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post